Loading...

ධම්ම පාරමී වැඩසටහන යනු කුමක්ද?

ධම්ම පාරමී යන නාමයෙහි අරුත:


ධම්ම යනු දැරීම් වේ. දැරීම් යනු තමා විසින් තම මනසේ රඳවාගෙන තිබෙන අදහස්, ආකල්ප සහ සිතිවිලි රටාව මතු කරන්නා වූ මූල පදනම වේ. එසේම ධම්ම යනු තම සිත තුළ ජනිත වන්නා වූ සිතිවිලි දරාගෙන සිටින ලෝභ සහ ද්වේශ මූලයන්ගේ ස්වභාවය වේ. පරමාර්ථ වශයෙන් ගත් කල, ධම්ම යනු මිනිස් සිත් සතන්වල පවතින්නා වූ ක්ලේශ මූලයන් මුලිනුපුටා දමමින් එකී සිත් සතන් නිවී සනසවාලීම මුල්කරගෙන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වේ.

ධම්ම දානය යනු, තම සිත තුළ පවත්වාගෙන ආ අදහස්, ආකල්ප සහ සිතිවිලි රටාවේ පදනම තම ඉලක්කයට ගැලපෙන සේ අත්හැරීමයි. එසේම, ධම්ම දානය යනු සිත තුළ ජනිත වන්නා වූ සහ සිතිවිලි හරහා මතු වූ ලෝභ, ද්වේශ මූලයන් ක්‍රියාත්මක වන්නට ඉඩ නොදී, ඒවා අත්හැරීමයි. පරමාර්ථ වශයෙන් ගත්කල, ධම්ම දානය යනු මිනිස් සිත් සතන් සුවපත් කිරීම මූලික කොටගෙන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය, සැමට භාවිතාවට ගත හැකි සේ ලෝ සිසාරා බෙදා හැරීමයි; ප්‍රචාරය කිරීමයි.

ධම්ම පාරමී ලාංඡනයෙහි අර්ථය:


ආලෝක දැල්ල:
මෙයින් පෙන්නුම් කරන්නේ, ධම්ම පාරමී වැඩසටහන යනු අඳුරෙහි ජීවත් වන්නන් සඳහාම දැල්වුණු පහන් සිළුව බවයි. එම දැල්ලෙහි විවිධාකාර වූ වර්ණ වෙනස්වීම්වලින් පෙන්නුම් කරන්නේ, විවිධ තරාතිරම්වලට, විවිධ ජාතීන්වලට සහ විවිධ ආගම්වලට අයත් නා නා විධ සමාජයන් වෙත මෙම දැල්ලෙහි එළිය, එනම් “ධම්ම පාරමී” වැඩසටහනෙහි ආලෝකය එකසේ විහිදුවන බවයි. එනම් “ධම්ම පාරමී” වැඩසටහන, ශ්‍රී බුද්ධ වචනය නව ආලෝකයක් යටතේ ධර්ම ප්‍රචාරණය හරහා සමාජයේ සෑම පැතිකඩකටම පැතිරවිය හැකි ශක්තියකින් යුක්ත බවයි.

පුස්ථකය :
මෙයින් පෙන්නුම් කරන්නේ , මානව සන්තානය සුවපත් කල හැකි ඒ සුපිරිසිඳු සහ නිවැරදිව ග්‍රන්ථාරූඪ කරන ලද ශ්‍රී සද්ධර්මයයි.

වෘත්තය :
මෙයින් පෙන්නුම් කරන්නේ, පෘථිවිය එනම් මහ පොළොවෙහි මූලික හැඩ තලයයි. ඉන් අදහස් වන්නේ, කිසිඳු භේදයකින් තොරව පිරිසිඳු බුද්ධ ධර්මය මුළු ලෝකය සිසාරා පැතිරවීමේ වුවමනාව, හැකියාව සහ ශක්තිය “ධම්ම පාරමී” වැඩසටහන සතුව පවතින බවයි.

Leave a comment (ඔබේ අදහස් පහතින් දක්කවන්න)

Recent Post


ප්‍රතිඥාව

ධම්ම පාරමී සාමාජිකයෙකු වන මම විශාල වාසනාවන්තයෙකු වෙමි. කුසල් රැස්කර ගැනීම සඳහාම වූ පින් කෙතක මම හිමිකරුවෙකු වෙමි. කුසල් රැස්කර ගැනීම සඳහා කලාතුරකින් යමෙකුට ලැබෙන පිවිසෙන්න


අනුමෝදනාව

බුදු දහම සමස්ත සමාජය පුරා බෙදා හැරීමේ සුවිශේෂී ධර්ම දානය සාර්ථක ... පිවිසෙන්න