• dhammaparami

  • slidebg2

    බුද්ධං සරණං ගච්ඡාමි

  • slidebg2

    ධම්මං සරණං ගච්ඡාමි

  • slidebg3

    සංඝං සරණං ගච්ඡාමි

 

“ධම්ම පාරමී” පදනමේ පාරමිතා පෙරහැරයන් ජනිත වූ සහ පෙළගැස්වුණු අයුරු


යම් සිතක හටගත් යහපත් සිතුවිල්ලක්,යහපත් ලෙස ක්‍රියාවට නංවමින් 100% ක්ම ශ්‍රී ලාංකික සංවිධානයන් විලස “ධම්ම පාරමී” සංවිධානය සමාජගත වන්නේ, කිසිඳු ලාභ ප්‍රයෝජනයක් හුදු බලාපොරොත්තුවක් හෝ නොමැති, පිවිතුරු වේතනාව පෙරදැරි කරගෙන වීමම, එහි සාර්ථකත්වයේ අඩිතාලමයි. එම සාර්ථකත්වය තුල ගැබ්ව පවතින තවත් “සුවිශේෂී කරුණු කිහිපයක්” පහත සඳහන් පරිදි වේ.

ධම්ම පාරමී පදනමේ හිමිකාරත්වය දරන්නට කිසිදු අයිතිකාරයෙක් නොමැති වීම, ඒ වගේම සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික වැනි ගරු තනතුරු, “ධම්ම පාරමී” සංවිධානයට අයත් නොවීමම, එහි පළමු සුවිශේෂී ලක්‍ෂණයි. කරුණු එසේ නම් නිසි නායකත්වයක් ලැබෙන්නේ කෙසේද ? ධම්ම පාරමී පදනමෙහි සියලූම සාමාජිකයින් සම දායක දායිකාවන් වන අතර, පත්වන්නා වූ “අනුශාසක දායක මණ්ඩලය” මගින් වරින්වර, එක් එක් සම දායක දායිකාවන්හට රාජකාරීන් පැවරීම සිදු කරනු ලැබේ.

“ධම්ම පාරමී” සංවිධානය පවත්වාගෙන යනු ලබන්නේ, දහඩිය මහන්සියෙන් සාධාරණ ලෙස උපයා ගත්, පිරිසිඳු මුදලින් ගොඩනගාගත් අරමුදලකින් වන අතර, ඒ සඳහා දේශීය හෝ විදේශීය කිසිඳු බාහිර පාර්ශවයකින් කිසිඳු මුදලක් හෝ කිසිඳු අමුද්‍රව්‍යයක් භාර ගැනීමට “ධම්ම පාරමී” සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව කිසිඳු අවසරයක් නොමැත.

“ධම්ම පාරමී” සංවිධානය මේ ධනය, ශ්‍රමය කාලය වැයකරන්නේ ඔවුනගේ නෑයන් හෝ මිතුරන් හෝ දන්නා අය වෙනුවෙන් නොව, ජිවිතේ කිසිදු දවසක හමුවී නොමැති, ඔවුන් හා කිසිම සම්බන්ධයක් නොමැති අසරණයින් වෙනුවෙන් සඳහාම වීම මෙහිදී සුවිශේෂයි. එසේම, සත්‍ය වශයෙන්ම උපකාරයක් අවශ්‍ය කාහටද, එම පුද්ගලයා එම සමාජ කොට්ඨාශය අදාළ උපකාරය යදින්නට ප්‍රථම, ඔවුන්ගේ දෙපා අභියසටම ගොස් එම උපකාරය ඒ ශක්තිය ලබාදීම, “ධම්ම පාරමී” සංවිධානයනයෙහි ප්‍රධාන අභිප්‍රාය වේ.

මෙසේ නිහඩ, ලක්‍ෂ සංඛ්‍යාත අසරණ ජනී ජනයා හට අධ්‍යාත්මික සැනසුම ලබාදීමට “ධම්ම පාරමී” පදනම සමත් වුවද, ඒ ලබාදුන් සතුට සැනසුම සදාකාලිකද? නොමැත. “ධම්ම පාරමී” පදනම මේ හැම ක්‍රියාකාරකමක්ම අනිත්‍ය බව තේරුම් ගෙන තිබෙන අතරම, මේ අනිත්‍ය භාවය මැනවින් ලෝකයා ඉදිරියට රැගෙන එන්නේ බුදු දහම බවත් තේරුම් ගෙන අවසානය. එබැවින්, බුදු දහමේ අධ්‍යාත්මය මැනවින් සමාජගත කිරීමේ කර්තව්‍ය සඳහාම “ධම්ම පාරමී” නමින් ඒ මහා යෝධ සංවිධානය 2016 ජනවාරි මස 19 වන දින සුභ මොහොතින් ආරම්භ කරනු ලැබූහ.

...
Special Programme
...
"ධම්ම පාරමී" යන නාමයෙහි අරුත

ධම්ම යනු දැරීම් වේ. දැරීම් යනු තමා විසින් තම මනසේ රඳවාගෙන තිබෙන අදහස්, ආකල්ප සහ සිතිවිලි රටාව මතු කරන්නා වූ මූල පදනම වේ. එසේම ධම්ම යනු තම සිත තුල ජනිත වන්නා වූ සිතිවිලි දරාගෙන සිටින ලෝභ සහ ද්වේශ මූලයන්ගේ ස්වභාවය වේ. පරමාර්ථ වශයෙන් ගත් කල, ධම්ම යනු මිනිස් සිත් සතන්වල පවතින්නා වූ ක්ලේශ මූලයන් මුලිනුපුටා දමමින් එකී සිත් සතන් නිවී සනසවාලීම මුල්කරගෙන, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වේ.


පිවිසෙන්න
Whatsapp - +94776856072
...


...

 

"අරණ" මාසික ධර්ම දේශනා එකතුව


මාසික ධර්ම දේශනා වීඩියෝ
මාසික ධර්ම දේශනා ඕඩියෝ
...













පිවිසෙන්න
Dhamma Sermon | English |
...

පිවිසෙන්න

බෞද්ධ පොත් පත් හා සඟරා එකතුව

පංච උපාධානස්කන්ධය

Ven Mankadawala Sudassana Thero | 2017-11-04 පංච උපාධානස්කන්ධය පිරිසිද දකිමින්...


April 01, 2014 | 03 | 84 Views

ශ්‍රී දළදා මාලිගාව

මහනුවර ශ්‍රී දළදා මාලිගාව...


April 01, 2014 | 03 | 84 Views

කරණිය මෙත්ත සුත්‍රය

කරණිය මෙත්ත සුත්‍රය - Ven Ududumbara Kashyapa Thero - (5 Hour Dhamma Sermon) - 2013-7-22...


April 01, 2014 | 03 | 84 Views

පටිච්ච සමුප්පාදය තේරුම් ගනිමු.

පටිච්ච සමුප්පාදය තේරුම් ගනිමු. - Nakkawaththe Asaranasarana Buddhaparayana Thero...


April 01, 2014 | 03 | 84 Views

සද්ධානුසාරී ධම්මානුසාරී වීම

Ven Walpola Gothama Thero | 2015-05-07 සද්ධානුසාරී ධම්මානුසාරී වීම හඳුනා ගනිමු...


April 01, 2014 | 03 | 84 Views

සීලය

සීලය ගැන මාවරලේ බද්ධිය හිමි කිව්ව අපූරු කතාව Mawarale Bhaddiya Thero...


April 01, 2014 | 03 | 84 Views

පූජේමි බුද්ධං

පූජේමි බුද්ධං

පූජේමි බුද්ධං

පූජේමි බුද්ධං

පූජේමි බුද්ධං

 83

පූජේමි බුද්ධං

දානං

දානං

දානං

දානං

දානං

 53

දානං

ගිණිගත්හේන

ඇත්දළගල කුටිය 1

ඇත්දළගල කුටිය 2

ඇත්දළගල කුටිය 3

නෙළුව

දාගැබ

ධර්මශාලාව

සංඝාවාසය

බෝධිඝරය

දානශාලාව

මුළුතැන්ගෙය

වැසිකිළි පද්ධතිය

රුක්රෝපණය

අප හා සම්බන්ධ වන්න


dhamsuwa@dhammaparami.lk

No 51E, First Floor, York Street, Colombo 01, srilanka

+94 11 2672028

...