තෙවන සීමාමාලකය
සේරුවිල

මෙම මහා භද්‍රකල්පයේ කකුසඳ, කෝණාගම සහ කාශ්‍යප යන සියළු බුදුවරයන්ගේ ස්ථූප ඉදිවූ භූමියේ අපි එය කළෙමු. අප තිලෝගුරු ගෞතම නම් සම්මාසම්බුදුරජුන්, සැරියුත්, මුගලන් රහතන්වහන්සේලා ඇතුළුව පන්සියයක් රහතන් වහන්සේලා සමග බුද්ධත්වයෙන් අටවැනි වසරේ නැතහොත් ශ්‍රී ලංකාවට තෙවැනි වර වැඩම කළ මොහොතේ, නිරෝධ සමාපත්තියෙන් ගතකළ, බුදුන්ගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පවිත්‍ර කළ ඒ භූමියේ අපි එය ඉදි කළෙමු.
එදා භාග්‍යවතුන් වහන්සේ, ශ්‍රී ලංකාද්වීපයේ මා වැලි ගඟ දකුණු තෙර සේරු නම් විල කෙළවර වරාහ සොණ්ඩ නම් වූ ගල් කෙමිය අසල කාවන්තිස්ස නම් රජකු විසින් තමන් වහන්සේගේ ලළාට ධාතූන්වහන්සේ පිහිටුවා ඉතා සිත්කළු වූ දාගැබක් පිහිටවනු ලබන්නේය, යැයි වදාළේද,ඒ අයුරින්ම ශ්‍රී සර්වඥයන් වහන්සේගේ විශාලතම ධාතූන් වහන්සේ වන ලළාට ධාතූන්වහන්සේ මෙන්ම කේශ ධාතූන්වහන්සේලාද වැඩසිටින එම ඓතිහාසික මහ සෑ රජුන්ගේ වම් වාහල්කඩ අඩි කිහිපයක් නුදුරෙහි අපි එය ඉදිකළෙමු. නොඑසේ නම්, මෙරට පුදබිම් අතර මුදුන්මල්කඩක් වන් සේරුවිල මංගල මහා සෑ බිමෙහි සීමාමාලකය ඉදි කිරීමට තරම් අපි භාග්‍යවන්ත වීමු.
‘පිංවත් ස්වාමීන්වහන්ස, අප විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව, තනවන ලද්දාවූ, මේ මනරම් වූ සීමා මාලකය, ගෞතම සම්බුදු සසුනේ ථීර පැවැත්ම පිණිස, විනයානුග්‍රහ පිණිස, භික‍ෂූන්වහන්සේලාගේ උපෝසත ආදී, උපසම්පාදී නානිවිධ වූ විනය කර්මයන් සිදුකරනු පිණිස , මේ ගෞතම බුදුසසුනේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා, සඟසතුකොට පූජා කරමු’ යි පවසමින් වර්ෂ 2016ක් වූ අගොස්තු මස 20 වැනිදා අපි එය සසුනට පූජා කළෙමු.
පුවත් සටහන සීමාමාලක පූජාව - සේරුවිල

Leave a Reply