පස්වන සීමාමාලකය
කැකිරාව

“විනයෝ නාම සාසනස්ස ආයු…” යනුවෙන් ශාසනයේ ආයුෂය “විනය” මත රඳා පවතින බව අප මහා බුදු රජාණන් වහන්සේ වරෙක දේශනා කළ සේක. අටමහා කුසලයන්ගෙන් එකක් වූ සීමා මාලක තනවා පුජා කිරීම, ජීවමාන බුදුරජාණන් වහන්සේට දාන වස්තුවක් පුජා කිරීමෙන් ලැබෙන්නාවූ පිනට වඩා මහත්ඵල මහානිසංශ ලැබෙන උතුම්ම කුසළ කර්මයක් බව පොත පතෙහි සඳහන් වේ.
2017 වර්ෂයේ මාර්තු මස 09 වන දින ශුභ මොහොතින් මුල් ගල ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් අරඹන ලද මෙම සීමා මාලකය අති පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය යටතේ දින 117ක් තුලදී සදා නිම කරණ ලදී.
අවසානයේ, ධම්ම පාරමී පදනමේ සාමාජිකයන් විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව, සාදා නිමකරන ලද මනරම් වූ සීමා මාලකය ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ ථිර පැවැත්ම පිණිසත්, භික්ෂුන් වහන්සේලාගේ උපෝසථ, උපසම්පදා දී නානාවිධ විනය කර්මයන් සිදුකරනු පිණිසත්, මේ ගෞතම බුදු සසුනේ මහා සංඝ රත්නය උදෙසා සඟ සතු කොට, සෝමනස්ස සහගත, අසංකාරික, ඥානසම්ප්‍රයුක්ත සිත් පෙරදැරිව 2017 වූ ජූලි මස 6 දින පූජා කළෙමු.
පුවත් සටහන සිමාමලක පූජාව - කැකිරාව

Leave a Reply