භාවනා කුටි පූජාව – ගිණිගත්හේන

සැදැහැවතකු විසින් අදාළ ස්ථානය නිත්‍යානුකූලව පූජාකරන ලදි. ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පිණිස හමුවූ කොන්ත්‍රාත්කරුවාද ශ්‍රද්ධාවන්තයෙක් විය. කුටිය තැනෙන තැනට ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන යෑම ඉතාම දුෂ්කර කටයුත්තක් වුවද, නොසිතූ තරම් ජවයකින් ඒ සියල්ල සිදුවිය. වර්ෂාවෙන්ද බාධාවක් නොවීය. අවසානයේ සුමන් සමන් දෙවි අවඩියේ කඳුගැටයක් මැද දින 45ක් තරම් කෙටි කලකින් අංගසම්පූර්ණ කුටිසෙනසුනක් ඉදිවිය. එය සැදුනා නොව මැවුනා වැනිවිය. එය ඉතා මනරම් නිමාවකින් යුක්තවිය. කුටි පූජාවට පැමිණි සංඝයාවහන්සේලා ඒ දැක මහත්සේ සතුටුවූහ. මේ වන විට එහි වැඩසිටින සුභාවිත ස්වාමීන්වහන්සේ අසල ගම්මානයට දිනපතා පිණ්ඩපාතය වඩිති. සුවසේ එහි වෙසෙති. දිනයේ වැඩිකලක් භාවනාවට කැපකරමින් වැඩ සිටිති.
පුවත් සටහන සිමාමලක පූජාව - කැකිරාව

Leave a Reply