වස් පිංකම් මාලාව (2018)

වැඩිහිටි යෝගාශ්‍රම දෙමව්පියන් සම්බන්ද කරගනිමින්

බුදුදහමට අනුව චේතනාව කර්මයට මුල් වේ. එසේ හෙයින් ශාසනික කුසල කර්මයන් සිදුකිරීමේ දී මනා දැනුමකින් හා අවබෝධයකින් සිදුකිරීම තුළින් එහි ආනිශංස මහත්ඵල කරගැනීමේ හැකියාව පවතී. කඨින පිංකමක ආනිශංස බලවත් වනුයේ ඒ පිළිබඳ දායක පිරිසගේ කැපවීම සහ උනන්දුව නිසා ය. වස් කාලය තුළ මෛත්‍රී සිතුවිල්ලෙන් යුක්තව ගුණ පූරණය කරන ශ්‍රාවක මහා සංඝරත්නය උදෙසා වැඩිහිටි නිවාස 22 ක මව්පියවරුන් විහාරස්ථාන 22 ක මහා සඝරුවන උදෙසා සිව්පසයෙන් උපස්ථාන කරමින් සියලු කටයුතු සිදු කෙරේ. අට මහා කුසලයට ගැනෙන බුද්ධ ප්‍රතිමා පූජා කිරීමේ මාහැගි පුණ්‍ය කර්මය සිහිකර සියලුම මව්පියවරුන් වෙත අත ගස්වා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කඨින පිංකම සිදුකරන විහාරස්ථානය වෙත පුජා කිරීම ද සිදුවේ. වස් විසූ විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේලාගේ අනුදැනීමක් සහිතව මෙම වස් තුන් මාසය පුරා වැඩිහිටියන් සම්බන්ධ කරගෙන ආමිස පුජා, ප්‍රතිපත්ති පුජාවන්ද සිදුකර ගෙන යනු ලැබේ. මේ වස් තුන් මාසය තුල වස් වැසූ මහා සංඝරත්නයට සිවු පසයෙන් උපස්ථාන කිරීමට වැඩිහිටි නිවාසයන්හි සිටින මව්පියවරුන් වෙත අවස්ථාව සලසා දීමටත් ධම්ම පාරමී ඔබ අප සියලු දෙනා භාග්‍යවන්තයන් වුනෙමු.

Leave a Reply