ශ්‍රී මහා බෝධීන් වහන්සේ

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙත් සිතින් කළ මහා ඓතිහාසික පිංකම.

මේ සක්වළ මුළුල්ලෙහි වැඩ වෙසෙන අනන්ත වූ දෙව් බඹුන්ගේත්, සකල ලෝක වාසී බෞද්ධ සැදැහැවතුන්ගේත් වන්දනාවට පාත්‍ර වූ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව පිහිටි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වටා ඇති ආරක්‍ෂිත රන් වැට සහ ආධාරක කණු දඹ රනින් ආලේප කිරීමත්, බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස ඉදි කොට තිබූ බෝධි ප්‍රාකාරය මුලුමනින්ම ප්‍රතිසංස්කරණය කොට බුදු සසුන වෙත පූජා කිරීමේ අති දුර්ලභ පිංකම සිදු කරන්නට තරම් විශ්ව පාරමී සාමාජික අප සියළුම දෙනා භාග්‍යවන්තයන් වූ වගයි.

මෙම පූර්ණ ප්‍රතිසංස්කරණයේදී..

  • ආරක්ෂිත ප්‍රාකාර බැම්ම අඩි 03 ක් ශෛලමය ප්‍රාකාරයක් ලෙස ඉහලට එසවීම.
  • ආරක්ෂිත රන් වැටවල් දෙකම දඹ රණින් ආලේප කිරීම.
  • බෝධීන් වහන්සේ දරා සිටින සියලු ආධාරක කණු දඹ රණින් ආලේප කිරීම.
  • සියලු මංගල්‍යයන් සදහා හා දිනපතා තේවාවන් සදහා භාවිතා කරණ මල් බඳුන්, පාන්තිර, පැන් කෙන්ඩි, ඇතුලු සියලු අංග සම්පූර්ණ පූජා භාණ්ඩ කට්ටලයන් දඹ රණින් ආලේප කර පූජා කිරීම.
  • මල් ආසන 03 රණින් ආලේප කොට පූජා කිරීම.
  • උඩ මළුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා සතර කොනින් පිහිටා ඇති නොලුම් මල් 04 රණින් ආලේප කොට පූජා කිරීම.
  • දොලොස් මහේ පහණ රනින් ආලේප කොට පූජා කිරීම.
  • කොන්ක්‍රීට් වලින් නිමවා තිබූ ඇත් පවුර වෙනුවට ශෛලමය ඇත් පවුරක් නිර්මාණය කර ඇත් පවුර සහ කැටයම් සහිත ගල් බැම්ම අලුතින් නිර්මාණාය කිරීම.
  • අලුත් පිටගැට පෙලවල් සහිතව සියලු පියගැට පෙලවල් කලුගලින් කැටයම් කරවා නිර්මාණය කර පූජා කිරීම ඇතුලුව දඹ රණින් හා කැටයම් සහිතව ශෛලමය ප්‍රාකාර බැම්මකින් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සියලු ආරක්ෂිත බැමි හා පූජා භාණ්ඩ මනා ලෙසින් දුටුවන්ගේ සිත් බුද්ධ ගෞරවය, සද්ධාව හා බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වන ආකාරයෙන් ප්‍රති නිර්මාණය කොට උතුම් බුදු සසුණ උදෙසා පූජා කල වගයි.
  • අප මහා බෝසතානන් වහන්සේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ පූජනීය බුද්ධගයාව මෙවැනිම වූ දඹ රණින් සරසා පූජා කිරීමෙන් අනතුරුව “ විශ්ව පාරමී” – පදනමේ ආමිස පූජා පෙලහගේ තවත් උච්චතම එක් කුසල සංස්කාර ධර්මතාවයක් ලෙස මෙය හැදින්විය හැක.
ස්වර්ණ පූජා ශ්‍රී මහා බෝධිය - පුවත් සටහන

Leave a Reply