අටවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – මාවනැල්ල

සිත, සමථ විදර්ශනා විෂයෙහි ඒකාග්‍ර කරවීම පිණිස රුකුලක් වෙමින් ධම්ම පාරමී විසින් ගමක් ගමක් පාසා රැගෙන යනු ලබන ප්‍රාදේශීය භාවනා වැඩසටහන් මාලාව ජූනි මස 29 වන දින උපාසක උපාසිකාවන් 127 දෙනකුගේ සහභාගිත්වයෙන් මාවනැල්ල දෙහිමඩුව විහාරස්ථානයේදී පැවැත්විය.

එම ප්‍රදේශයේ පැවැත්වූ 4 වැනි වැඩසටහන මෙය විය.  මැල්ලගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් වැඩසටහන මෙහෙයවන ලදී.