ප්‍රාදේශීය භාවනා වැඩසටහන-ඌරුගස්මංහන්දිය

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි සමිති හා අනිකුත් සුබසාධක සමිති නියෝජනය කරන නියෝජිතයන් හරහා මෙම වැඩසටහන සංවිධානය කරන ලදී .ඒ සදහා ශ්‍රී කල්‍යානි යෝගාශ්‍රම සංස්ථාවේ  බුදුගල්ලෙන ආරණ්‍යසේනාසන වාසි පුජ්‍ය.නිට්ටබුවේ ධම්මතිලක ස්වාමින් වහන්සේ විසින්  භාවනා වැඩසටහන් හා කමහන් දේශනා පවත්වන ලදී.

අරමුණ : දුෂ්කර ප්‍රදේශවල ධර්ම මාර්ගයේ ගමන් කරන උපාසක උපාසිකාවන් සදහා භාවනා කිරීම පිළිබද අවබෝධයක් හා මූලික පුහුණුවක් ලබා දීම.

ආරම්භ කල දිනය  : 2022.11.12

අවසාන කල දිනය: -2023.04.01

පළමු වැඩසටහන - 2022-11-12

ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද්දේ සමථ හා විදසුන් වැඩීම තුළින් තම ප්‍රඥ්ඥා ඇස දියුණු කර මේ කටුක ඒකාකාරී ජීවන රටාවෙන් මිදී, නිවන් මග සාක්ෂාත් කර ගන්නා ලෙසය. නමුත් වර්ථමානයේ රටේ පවතින පීඩාකාරී ජීවන රටාවෙන් මිදී, තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු සතිමත්ව කරගෙන යාමට අවස්ථාව හිමි වන්නේ ඉතාමත් කලාතුරකින් ස්වල්ප වූ පිංවත් පිරිසකට පමණි.

ඈත ගම් නියම් ගම් පුරා විසිරී සිටින භාවනා කිරීමට ඇල්මක් වුමනාවක් ඇති බෞද්ධ පිංවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශ සොයා ගොස් එම උපාසක උපාසිකාවන් සඳහා එක් දින විශේෂ භාවනා වැඩමුළු සංවිධානය කිරීම ආරම්භ කරන ලදී.

ඒ අනුව, අප විසින් වැල්ලවාය, නාවුල, වාරියපොළ, ඉපලෝගම, නිකවැරටිය, වැනි ඉතා දුෂ්කර ප්‍රදේශ වල ඉතා සාර්ථක වැඩසටහන් දියත් කරන ලදී. අප විසින් පසුගිය දින ඇල්පිටිය, ඌරුගස්මංහන්දිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ විශේෂ එක් දින ශීල භාවනා වැඩසටහනක් ආරම්භ කරන ලදී.

ඒ සඳහා සුපුරුදු පරිදි ගල්දූව ආරණ්‍යය සේනාසන වාසී අතිපූජ්‍යය නිට්ටඹුවේ ධම්මතිලක හිමිපාණන්ගේ උපදෙස් හා අනුශාසකත්වය යටතේ උපාසක උපාසිකාවන් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී.

blank

එදින  ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රාථමික විද්‍යාලයේදී උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පවත්වන්නට යෙදුණු මේ උතුම් කර්තව්‍යයට සහභාගී වූ සියලුම උපාසක උපාසිකාවන් හට උදෑසන ආහාරය, දහවල් දානය සහ සවස ගිලන්පස සපයා දීමටද අප කටයුතු කරන ලද්දේ මේ අයුරිනි…..

දහවල් බුද්ධ පූජාව
උදෑසන බුද්ධ පූජාව
දහවල් දානය