පින්සාර හැන්දෑව

බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ
අහුණෙය්‍යාච පුත්තා නං පජාය අනුකම්පකා

ලෝකයෙහි ඇත්ත ඇති සැටියෙන් සියල්ල දක්නා නුවණින් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මව්පිය සෙනෙහස ඉතා අර්ථවත්ව හේතු සාධක සහිතව පෙන්වා දෙන ලදී . යමෙක් දෙමාපියනට උදව් උපකාර පුද සත්කාර කරන්නේනම් නිරන්තරයෙන් ඒ පුද්ගලයා තථාගතයන් වහන්සේට පුදසත්කාර කරන්නෙක් බවට පත් වන බව බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරණ ලදී .දරුවන් පිලිබදව දෙමාපියන් තුල ඇති මව්පිය ස්නේහය තම නහර ඇටමිදුලු වල තැම්පත්ව ඇතිබව නිසාම මහා බ්‍රහ්ම ගුණ දෙමව්පියන්ට ඇත.

image_1475506398-df6ec0a4a0
blank

එවන් ගුණ ඇති දෙමාපියන් පිරිසක් වැඩිහිටි නිවාස තුල අසරණ වී සිටි. එම දෙමාපියනට භාවනාවකින් තමන්ගේ සිත තැම්පත් කරගැනීමට නිරන්තරයෙන් ධම්ම පාරමී පදනම කටයුතු කරනු ලබයි. ඒ අනුව සතිය පුහුණු කිරීමේ වැඩසටහන පසුගිය කාලයේ ආරම්භ කරණ ලදී. ඒය විශේෂ වැඩසටහනක් වූ බව ඔවුනගේ ප්‍රතිචාර තුලින් අපට අවබෝධ වී ඇත. එම අරමුණ පෙරදැරි කරගෙන සතිය පුහුණු කිරීමේ වැඩසටහනක්  ගම්පහ සුවසෙවන වැඩිහිටි නිවාසයේදී පුජ්‍ය පාද රත්නපුරේ කෝවිද හිමි විසින් ජූලි මස 27වන දින පවත් වන ලදී.

Leave a Reply