August 13, 2024August 13, 2024නවවන සීමාමාලකය- බැදිගම සීමාමාලකය ප්‍රතිසංස්කරණය කිරීම - විතාරන්දෙණිය බැදිගම ගලබඩ පුරාණ විහාරස්ථානය මහාවංශයේ මුල් පරිච්ඡේදයේ සඳහන් පරිදි ලක්දිව මුල්ම සීමා මාලකය පිහිටුවන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් උතුම් අනුරාධපුර පුණ්‍ය භූමිය කේන්ද්‍ර කොටගෙනය. එහි තුන් යොදුන් ප්‍රදේශයක් සීමාව වශයෙන් සලකුණු කරන ලදී. එය දේවානම් පියතිස්ස රජතුමාගේ මගුල් ඇතා යොදා ගනිමින් රිදී නගුලකින් සලකුණු කල බව මහා වංශයේ සඳහන් වේ. වසරකට වරක් ගිහි පැවිදි දෙපාර්ශයටම පුණ්‍ය උල්පතක් මතුකර ගැනීමට හැකිවන අවස්ථාවක් උදා වන්නේ වස් කාලය ආරම්භ වීමත් සමඟය. පසුගිය ඇසළ පුර පසලොස්වක පොහෝ දින ශාසනයේ පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා ධම්ම පාරමී පදනමට විශේෂ ශාසනික කුසල කර්මයකට දායක වීමට හැකි විය.ඒ විතාරන්දෙණිය බැදිගම ගලබඩ පුරාණ විහාරස්ථානයේ අබලන්ව පැවති සීමාමාලකය ප්‍රතිසංස්කරණ කර දීමය. අබලන්ව පැවති සීමාමාලකය සීමාමාලකය ප්‍රතිසංස්කරණය බුද්ධ දේශනාවට අනුව ඇසළ පොහොය ලබනවාත් සමඟම උපසපන් භික්ෂුන්වහන්සේලා විසින් වස් සමාදන් විය යුතු අතර ගිහි පිංවතුන් විසින් උන් වහන්සේලාට වැසි සළු පූජා කොට වස් ආරාධනා කලයුතු වේ. විහාරාධිපති ගරුතර නායක හිමිපානන්වහන්සේ විසින් කරණ ලද ඉල්ලීමකට අනුව මාසයක් වන කෙටි කාල සීමාවක් තුළදී මනරම් වූ ගාම්බීර සීමාමාලකයක් අවසන් කිරීමට හැකි විය.