වස් පිංකම් මාලාව (2017)

කඨිින පිංකම ලුම්බිණිය, නේපාලය - 2017

ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, “මනහර”) යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලොවට බිහිකළ ස්ථානයයි. හිමාලය කඳු පාමුල නේපාලයේ රුපන්ඩේශිලා දිස්ත්‍රික්කයේ මනරම් භුමි භාගයක ලුම්බිණිය පිහිටා ඇත. කි.පු.563 සිට 483 දක්වා කාලය තුළ අවුරුදු 29 පුරාවට සිද්ධාරථ බෝසතාණෝ හැදුනු වැඩුනු “කපිලවස්තු” පුරයට කි.මි.25 ක් නැගෙනහිර දෙසින් පිහිටා ඇත. “කපිලවස්තු” යනු මෙම ප්‍රදේශයේ නම වූවා සේම යාබද දිස්ත්‍රික්කයේද නමයි. මයා දේවී විහාරය ඇතුලු බොහෝ විහාර ගණනාවක් මෙහි වෙයි. මෙයින් බොහොමයක් වර්තමානයේ (2007 සිට ) ප්‍රතිසංස්කරණය වෙමින් පවති. ලුම්බිණි පූජා නගරයේ නැගෙනහිර පැත්තේ ථේරවාදී පන්සල් අතරින් ශ්‍රී ලංකා විහාරය මෙන්ම තායිලන්ත, බුරුම, කාම්බෝජීය පන්සල් ප්‍රධාන තැනක් ගනී. 2017 ලුම්බිණිය ශ්‍රී ලංකා විහාරයේ කඨින පින්කමේ දායකත්වය ධම්ම පාරමී සඳහා ලැබී අති අතර එම පිංකම මෙම මස 31 වැනිදා එම පුණ්‍ය භූමියේදී සිදු කිරීමට නියමිතයි. එම කඨින චීවරය ඔක්තෝබර් මස 26 දින සහ 27 වැනිදා සවස 4 දක්වා නො. 10 බාන්ස් පෙදෙසේ පිහිටි “අරණ” පූජා පරිශ්‍රයේදී ඔබ සැමට වන්දනා කිරීමට තැන්පත් කොට ඇත. එම කඨින චීවරය වන්දනා කරගැනීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

වස් පිංකම් මාලාව -2017

භික්ෂූන් වහන්සේලා විසින් වස් පවාරණය කිරීමෙන් අනතුරුව කඨින චීවර පූජාවන් සිදු කරනු ලබයි. වසරේ එක් ස්ථානයකදී එක් වරක් පමණක් සිදු කිරීමට හැකියාව ඇති කඨින චීවර පූජාව අටමහ කුසල් අතර ප්‍රධාන ස්ථානයෙකහිලා සැලකෙනුයේ ඉන් ලැඛෙන මහත් වූ ඵල විපාකයන් අනුව ය. කඨින පූජාවන් තුළින් ලැඛෙන විපාකයන් පිළිබඳ සිදු කළ විවරණයක් නාගිත ථෙරාපදානයේ දැක්වේ. නාගිත තෙරුන් විසින් එක් භවයක දී කඨින චීවර පූජාවක් සිදු කොට එයින් තමන් ලද මහත් වූ විපාකයන් පිළිබඳ මෙම අපදානයේ විග්‍රහ කොට ඇත.

භික‍ෂු සංඝයා උදෙසා නිරතුරුව පූජා කරන සියලූ පූජාවන්ට වඩා එක් කඨින දානයකින් ලැඛෙන යහපත් වූ ඵල විපාකයන් අති මහත් ය. මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා භික‍ෂූන් වහන්සේලා උදෙසා පූජා කළත් එයට වඩා මහත් වූ විපාකයක් කඨින පූජා පිංකමකින් ලැබේ. වස් වැසීම බුදුරජාණන් වහන්සේ විසින් භික‍ෂූන් උදෙස පනවන ලද ශික‍ෂාපදයකි. එයට අනුව වස් වැසීම සිදු කළ යුතු ය. එම කාලය තුළ භික‍ෂූන් විසින් කර්මස්ථානයන් තුළ තම සිත එක`ග කොට පිළිවෙත් සම්පාදනය කිරීමෙන් මෙම වස් තුන්මාසය ඇතුළත මාර්ගඵල ලැබීමේ මහත් වූ වීර්යයකින් කටයුතු කරනු ලබ යි. අප්‍රමාණ වූ ගුණයන් දියුණු කරමින් වාසය කරන හෙයින් එසේ ගුණසම්පන්න වූ භික‍ෂූන් උදෙසා මෙසේ කඨින චීවර පූජා කිරීමෙන් ලැඛෙන පුණ්‍ය විපාකය අතිමහත් ය. මෙසේ මහත් වූ කුසල විපාකයන් ජනිත කරන කඨින චීවර පූජාවන් 18 ක් මෙවර වැඩිහිටි නිවාස වල වෙසන අම්මලා සහ තාත්තලා සහභාගී කරගෙන ප්‍රඥාවෙන් යුතුව කුසල සිතින් සිදු කිරීමට අප හට අවස්ථාවක් සැලසුනි. මෙම මහාර්ඝ වූ අති උත්තම පින්කම් මාලාවෙන් මතු වන්නාවූ කුසල්, ධම්ම පාරමී ඔබ අප සියලුම දෙනාගේ ශීල,සමාධි,ප්‍රඥා දියුණුව පිණිසත්,සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාත් හේතු වේවා,වසනා වේවා.

Leave a Reply