පින්සාර සැන්දෑව

වැඩිහිටි නිවාසයන්ට ඒමට සිදු වූ හේතුව ජීවිතයේ යහපතට හරවා ගැනීමෙන් වැඩිහිටි නිවාස,නිතර බණ අහන ,භාවනා කරණ,බුද්ධ පුජා පවත්වන නිතරම දහමේ හැසිරීමට සුදුසු පරිසරයක් මෙම වැඩිහිටි නිවාසවල ඇති කර මේවා  අප වැඩිහිටියන්ගේ මරණය දක්වා  ජීවිතයට හුරු කිරීම සදහා “ධම්ම පාරමී” අපේ උත්සාහයයි “පින්සාර  සැන්දෑව”.

ඒ අනුව සිහිය මූලික කොට ගනිමින් තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කිසිදු අපහසුවකින් තොරව කරගෙන යන්නේ කෙසේද, තමන්ගේ මනසට යම් සිතුවිල්ලක් පැමිණි විට තමන් එයට ප්‍රතිචාර දක්වන්නෙ කෙසේද යන්න පුරුදු පුහුණු කිරීම ආරම්භ කර විය. එම වැඩසටහන් ඉතාම සාර්ථක එකක් බව මෙතෙක් කරන ලද වැඩසටහන් වලට ලැබෙන ප්‍රතිචාර අනුව අපට පෙනී යන කරුණකි

මේ සඳහා  මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ ගේ උපදෙස් හා අනුශාසකත්වය ලැබුණි. ඒ සඳහා විශේෂ පුහුණුව ලද සති පාසල පදනමේ අතිපූජ්‍ය රත්නපුර කෝවිද හිමියන්ගෙන් ලැබෙන අනුග්‍රහය අතිමහත්ය. එයින් ජනිත වන කුසල බලය ඔබ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා!!

Leave a Reply