නෙළුවෙමු පිදුවෙමු බුදු රූ බැතියෙන්

පසු ගිය ඉල් මස 9 දින ධම්ම පාරමී අපට සුවිශේසී දිනයක් වුනා.ඒ බුද්ධ ශාසනයක ඇති උතුම් ආමිස පුජා වශයෙන් අණු දැන වදාළ අට මහා කුසලයට ගැනෙන බුද්ධ ප්‍රතිමා නෙලීම සහ පුජා කිරීමේ මා හැඟී පුණ්‍ය කර්මයයි. මේ මහා කුසළ කර්මය නාත්තන්ඩිය “අරණ” භාවනා මද්‍යස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් සුභ මොහොති ඇරඹුණි.
විවිධ ප්‍රමාන වලින් නෙළන ලද බුද්ධ ප්‍රතිමා දිවයින පුරා පන්සල්, භාවනා මද්‍යස්ථාන වැනි ආගමික මධ්‍යස්ථාන සඳහා පුජා කිරීම ධම්ම පාරමී පින් ගඟුලේ තවත් එක් පුණ්‍ය කර්මයකි. කර්ම කර්මඵල විශ්වාසයෙන් කරණ ලද මෙම කුසලයේ ආනිශංස ඔබට දැන ගැනීමට ලැබීමෙන් එම කුසලය මහත් ඵල මහානිශංස කරගත හැක. එනම්; චක්‍රවර්ති රජ කෙනෙක්ගේ ධනය මුළු ලොව පුරා තිබුනද, එය යම් දිනක නැසී වැනසී ගිය හැකි වුවත්, ලොව ඇති සියළු සාගර ජලය කිසියම් මිම්මකින් මැන අවසන් කළ හැකි වුවත්, මුළු පෘතුවියම කුඩු කොට උඳු, මුන් ඇට සමාන කොට ගණන් කළ හැකි වුවත්, බුදු පිළිම ඉදිකර පුජා කිරීමේ ආනිශංස ගණන් කළ නොහැකිය. එසේම, බුදු පිළිම කරවූ අයෙකු තිරිසන්, ප්‍රේත, අසුර, නිරය වැනි සතර අපාවල නූපදින්නේය. තවද, බුදු පිළිම නෙලා පුජා කිරීමේ ආනිශංස වශයෙන් උපදින සෑම ආත්මයකදීම සැමගේ ගෞරවයට පාත්‍රවන මනා රූප සම්පත්තියක් ලබන අතර රං රිදී මුතු මැණික් ආදී වස්තුව ලබන්නේය. උසස් ජාති කුල වළ උපදින්නේය. අංග විකලව නූපදින්නේය. මව් කුසක යම් භවයක් ලබන්නේ නම් මවටද කිසිදු පිඩාවක් නොවන්නේය. උපදින් සෑම භාවයකදිම නැණ නුවන ප්‍රඥාව ඇතිව උපදින්නේය. දිව්‍ය ආත්මයක් ලැබුවද සක් දෙවිඳු මෙන් සිතූ පැතූ සම්පත් ලබන්නේය. නිවන් දකින යම් භවයක සිය පිරිවර සමඟ සසුන්ගතව ඉර්ධි බල සහිතව සිව් පිළිසිම්බියාපත් රහත් භාවයෙන් උතුම් නිවනට පැමිණීමට භාග්‍ය ලබන්නේය.

Leave a Reply