සත්වන සීමාමාලකය
ගල්දූව

blank

“විනයෝ නාම සාසනස්ස ආයු” එනම් “සාසනයේ ආයුෂය විනයයි” යනුවෙන් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ වදාළාහ.
මහාවංශයේ මුල් පරිච්ඡේදයේ සඳහන් පරිදි ලක්දිව මුල්ම සීමා මාලකය පිහිටුවන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් උතුම් අනුරාධපුර පුණ්‍ය භූමිය කේන්ද්‍ර කොටගෙනය. රජතුමාගේ මඟුල් ඇතා යොදා ගනිමින් රිදී නගුලකින් සලකුණු කල බව මහා වංශයේ සඳහන් වේ. එම ප්‍රධාන සීමාව ඇතුලත කුඩා ඛණ්ඩ සීමා 11 ක් ඉදිකර ඇති බව සඳහන් වේ. දැනට අපට දැක ගැනීම සඳහා ඉතිරිව ඇත්තේ ලෝවා මහාපාය නම් ඛණ්ඩ සීමාව පමණි.

සීමා මාලකය ඉදිකිර්මේ මූලික අදියර සී-නෝර් වැඩබිම තුල

“විනයෝ නාම සාසනස්ස ආයු” එනම් “සාසනයේ ආයුෂය විනයයි” යනුවෙන් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ වදාළාහ.
මහාවංශයේ මුල් පරිච්ඡේදයේ සඳහන් පරිදි ලක්දිව මුල්ම සීමා මාලකය පිහිටුවන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් උතුම් අනුරාධපුර පුණ්‍ය භූමිය කේන්ද්‍ර කොටගෙනය. රජතුමාගේ මඟුල් ඇතා යොදා ගනිමින් රිදී නගුලකින් සලකුණු කල බව මහා වංශයේ සඳහන් වේ. එම ප්‍රධාන සීමාව ඇතුලත කුඩා ඛණ්ඩ සීමා 11 ක් ඉදිකර ඇති බව සඳහන් වේ. දැනට අපට දැක ගැනීම සඳහා ඉතිරිව ඇත්තේ ලෝවා මහාපාය නම් ඛණ්ඩ සීමාව පමණි.

සීමා මාලකය ඉදිකිරීමේ මූලික අදියර සී-නෝර් වැඩබිම තුල

සී-නෝර් වැඩබිමේ සිට ගල්දූව අරණ්‍ය සේනාසනයට රැගෙන යාම

blank

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා පැවැත්ම උදෙසා විශ්ව පාරමී පදනමේ පූර්ණ දායකත්වයෙන්  ඉදිකරන ලද  ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ උදකුක්ඛේප සීමාමාලකය අම්බලන්ගොඩ ඉඩම්තොට මාදම්පා ගඟ  සීමාමාලක පරිශ්‍රයේදී ඉදිකරණ ලදී.

සීමා මාලකය දියඔට මුදා හැරීම

සීමා මාලකයේ වහලය සවිකිරීම

සීමා මාලකය ඇතුලත ඉදිකිරීම් සිදුකිරීම

“පිංවත් ගරුතර ස්වාමින්වහන්ස, අප විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව, තනවන ලද්දාවූ, මේ උදකුක්ඛේප සීමා මාලකය, ගෞතම සම්බුදු සසුනේ ථිර පැවැත්ම පිණිස, විනයානුග්‍රහ පිණිස, භික්ෂුන්වහන්සේලාගේ උපෝසත ආදී, උපසම්පදාදී නානාවිධ වූ විනය කර්මයන් සිදුකරනු පිණිස, මේ ගෞතම බුදුසසුනේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා, සඟ සතුකොට පූජා කරමු” යි පවසමින් සතර දිසා වාසි මහා සංඝරත්නය වෙත ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ පොසොන් මස 17 වන ගුරු දින පැන් වත්කර සඟ සතු කොට  පූජා කරන ලදී.

blank
blank
blank
blank

සියලු දෙනාට ම තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දුන් උතුම් ශ්‍රී සද්ධර්මය ජීවිතයට ගලපා ගැනීම පිණිස, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, සමථ, විදර්ශනා භාවනා වැඩිම යන අංගයන් නිසි කලට පුහුණු කිරීමට වාසනාව හා ධෛර්යය උදා වේවා!!
අප්‍රමාදීව නිවන් පිණිසම කටයුතු කිරීමට මෙම උතුම් වූ කුසලය පාරමිතාවක්ම වේවා!!
හටගත් සියලු දේ නැසී යන බව අවබෝධ කරගනිමින් තමා තුළ ද ඇති අනිත්‍ය ලක්ෂණය දැක මනා කොට සිහිය පවත්වා සම්මා දිට්ඨියට පත් වේවා!!
අවසානයේ මේ සියලු දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා!!
සාධූ! සාධූ!! සාධූ!!!

Leave a Reply