ආමිස පූජා

blank

“ආමිස පූජාව නිවන නමැති චූඩාමාණික්‍යය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ, ද්වේෂ, මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි.”