සාමනේර භාවනා වැඩසටහන

සසුන්කෙත පොඹයන හෙරණ කැකුළු

බුදු සසුනේ අමිල පහන කසාවතයි.”උතුම් බුදු සසුනක පැවැත්ම විනය” යැයි වදාල බුදු වදනට පන පොවමින් තම සිල් ගුණ දම් නීති රකිමින් ලොවටම බුදු සසුනේ අසිරිය පෙන්වුයේ කහ සිවුරෙන් වැසුණු අපේ මහ සඟනයි. යම් කුඩා භික්ෂුවක් වුවද බුදු සසුනේ යෙදී වෙසේ නම් වැහිවලාවෙන් මිදුන සදමෙන් හෙතෙම මුලු ලොව බබුලුවයි. තවද උතුම් බුද්ධ පුත්‍රයන් සදහා යෙදෙන සුරක්ෂිතතාව ශාසන ධර්මයට යෙදන සුරක්‍ෂිත තාවයයි. ස්වකීය අනාගත යතිවර දිවිය අරුත් සම්පන්න කරගැනුම පිණිස චිත්ත එකාග්‍රතාවෙන් සදහම් දැනුම වනපොත් කරමින් ධර්මවබෝධයෙන් සැනසී චිත්ත සමාධිය නංවා ගැනීමටත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ලෙස ගිහි ලෟකික බැදීම් වලින් අතමිදී කෙලෙස් නවාලීමට අවශ්‍ය වීර්යය වැඩීමට සහ ශාසන බ්‍රහ්ම චර්යාවේ දිගු ගමනක් පියමන් කිරීමට දිරිදීමක් ලෙස සුවහසක් සාමණේ සාමනේර වහන්සේලා සිදුකරණ අමිල මෙහෙවර වෙනුවෙන් සාමනේර ස්වාමින්වහන්සේලා උදෙසා භාවනා වැඩසටහන් පැවැත්වීම.
පුවත් සටහන් (PDF)

Leave a Reply