සියල් සපිරි අටපිරිකර

blank
අටපිරිකර පූජාකිරීම යනු, අට මහා කුසල් වලින් ප්‍රමුඛතම ස්ථානය ගත්තාවූ සුවිශාල පුණ්‍ය කර්මය වේ. නමුත්, විවිධ හේතූන් නිසා නිවැරදිව පිළියෙළ කල අට පිරිකර වර්තමානයේ සොයාගැනීමේදී පවතින අතිශය දුෂ්කරතාවය හේතුවෙන්ම, ඊට පිලියමක් ලෙස ධම්ම පාරමී දායක දායිකාවන් විසින්, වෙන වෙනම ලබාගත් අංගයන් එකතුකොට, නිවැරදිව අට පිරිකර තම තමන්ගේ දෑතින්ම සකසා, මහත් භක්තියෙන් ගරුතර සංඝයා වහන්සේලා හට පූජාකළ හැකිපරිදි සූදානම් කරනු ලැබීම.

චතුමධුර පූජෝපහාරය

භාවනායෝගී භික්ෂූන් වහන්සේලා රාත්‍රී ආහාරයෙන් වලකින අතර ගැඹුරු අධ්‍යාත්මික ගවේෂණයක නිරතවන බොහෝ ස්වාමීන් වහන්සේලා දන් වළදන්නේ දිනකට එක් වරක් පමණකි. මේ හේතුව නිසාම බේතක් හේතක් ලබාගැනීමට පෙර ආහාර නොගෙන සිටීමෙන් උන්වහන්සේලා විවිධ අසීරුතාවන්ට මුනුනපානා බව නොරහසකි. චතුමධුර යනු, ශ්‍රී බුද්ධ වචනයට අනුව අවේලාවෙදී වැළඳිය හැකි සුදුසු විකල්පයකි. ධම්ම පාරමී සාමාජික සාමාජිකාවන් චතුමධුර ඔවුන්ගේ දෑතින්ම නිවැරදිව, පිරිසිදුව, භක්තිමත්ව සකසා භික්ෂූන් වහන්සේලාට පූජා කරන්නට සංවිධානය වී සිටී.
පුවත් සටහන් (PDF)

Leave a Reply